වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයන්ට නීතිමය පියවර

වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ තීරෝද රථ පදවන විදේශිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය නියෝග කර තිබේ.
ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබුණද රියදුරු බලපත්‍රයේ අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවසර නොමැති නම් මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික තීරෝද රථ රියදුරු බලපත්‍රය නිකුත් නොකරනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවශ්‍ය නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා තාවකාලික ත්‍රී රෝද රථ බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතී.
මේ අතර පසුගියදා ලිංගික හිංසනයකට වූ සවිස්ටර්ලන්ත කාන්තාවට තීරෝද රථ පැදවීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.
මෙරට ඇතැම් ත්‍රීරෝද රථ හිමියන් වලංගු තීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයන්ට කුලී පදනම මත තීරෝද රථ ලබා දෙන බවටද තොරතුරු වාර්තා ලැබී ඇති අතර ඔවුන්ට ද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය.

