මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට අදාළ චක්‍රලේඛ අද නිකුත් කෙරේ

දිවයිනේ සියලුම පාසල් හා විශ්ව විද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා අදාළ චක්‍රලේඛයක් අද (17) දිනයේ නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සියලුම රාජ්‍ය ආයතනවල ද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව ඇති බවයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට සමගාමීව, රාජ්‍ය ආයතනවල ජාතික මෙහෙයුම් කමිටු පිහිටුවීමේ වැඩසටහනට අනුව මෙය සිදු කිරීමට නියමිතයි.
මේ අතර, 1818 ඇමතුම් අංකයට අදාළ මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ කාර්යාලය එළැඹෙන 22 වැනිදා ටොරින්ටන් හිදී විවෘත කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

