ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු, GMOA ගත් තීරණය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බව එම සංගමය පවසනවා.
ඒ අනුව, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සිය සංගමය විසින් සාකච්ඡා කරන බවයි ජනාධිපතිවරයා සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත්, එම යෝජනා සම්බන්ධව ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත්, එම යෝජනා සම්බන්ධව සාධනීය විසඳුම් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කරන බවටත් එම සාකච්ඡාවේදී සඳහන් කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

