මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් 1056 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (14) දිනයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් සැකකරුවන් 1056 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
වැටලීම් 1065ක් සිදුකර තිබෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1056 දෙනා අතුරින් 39 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
53 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 173ක් ,ගංජා කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 109ක් හා මාවා කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 44ක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
ගංජා පැල 52,165ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
හෙරොයින් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම් මුළුමනින්ම මැඩපැවැත්වීම සඳහා පසුගිය මස 30 වනදා සිට රට පුරා මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

