මෙරට මුහුදේ නීති විරෝධී ධිවර කටයුතු මැඬලීමට වැටලීම්

මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
ඒ , ධීවර අමාත්‍යාංශය , නාවික හමුදාව හා පොලීසිය එක්වයි.
වසරේ ගතවූ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 328ක්.
නාවික හමුදා භාරයට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 41 ක්.

