අද බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 45 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

COMMENTS