පොලිස් විශේෂ මෙහෙයුමකින් 736ක් අත්අඩංගුවට

ඊයේ දිනයේ(04) දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 736ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ(04) දිනයේ දී පුද්ගලයන් 32,201 දෙනෙකු පරීක්ෂා කළා.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 16 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 271 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.
එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 194ක්.
බීමත් රියදුරන් 21 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන්27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4523 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

