ලෝක වෙළෙඳපළේ කැපී පෙනෙන ලෙස වෙනස් වන රත්තරන්

ලෝක වෙළඳපොලේ රත්රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතී.
ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 3,998ක් ලෙසින් ය.
ඊයේ දිනය ආරම්භයේදී රන් අවුන්සයක මිල ඩොලර් 3969ක් දක්වා පහල ගියත් දිනය අවසානයේදී රන් මිල යලි ඩොලර් 4,025ක් දක්වා ඉහළ ගියේ ය.

