යූරෝ මිලියක 5කට අධික මූල්‍ය චංචා කළ සයිබර් අපරාධ කල්ලියක් අත්අඩංගුවට

පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා ලැට්වියාවේදී සිදු කළ විශේෂ ” SIM CARTEL ” නැමැති මෙහෙයුමකින් ජාලගත සයිබර් අපරාධ කල්ලියක සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මෙහිදී සක්‍රීය තත්ත්වයේ තිබූ රටවල් 80කට අයත් සිම් කාඩ් 40,000ක් , servers 5ක් සහ SIM BOX උපකරණ 1200ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙම අපරාධ කල්ලිය විසින් ඕස්ට්‍රියාවේ සහ ලැට්වියාවේ සයිබර් අපරාධ 3200ක් පමණ සිදු කළ යූරෝ මිලියක 5කට අධික මූල්‍ය චංචා කළ ඇති බවටයි තහවුරු වී ඇත්තේ .
මෙම වංචා සිදු කිරීම සඳහා මෙම සිම්පත් භාවිතා කර මාර්ගගත ගිණුම් (Online Accounts) මිලියන 49 ක් පමණ සාදා ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා .

