පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරනවා නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි

පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරන්නේ නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ආණ්ඩුව විසින් එවැනි කිසිදු පදනමක් ඉදිරිපත් කර නොමැති බවත්, මෙලෙස විනාඩි 30 කින් පාසල් කාලය වැඩි කළහොත්, මේ වන විට පවත්වා ගෙන යන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

