ප්‍රබල භු කම්පනයක් – 7ක් මරුට

ප්‍රබල භු කම්පනයක් – 7ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ භු කම්පනයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද අළුයම එකට පමණ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්වූයේ මැග්නිටියුඩ් 6.3ක ලෙසින් ය.

කිලෝ මීටර 28ක් පමණ භූ අභ්‍යන්තරයේ හටගත් අදාළ භූ කම්පනයේ ප්‍රභලත්වය කාබුල් අගනුවරට මෙන්ම, අසල්වැසි පකිස්ථානයේ ඉස්ලාමාබාද් සහ ඉරානයේ ප්‍රදේශවලටද දැනී තිබේ.

කෙසේ නමුත්, පසුගිය අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථානයේ හටගත් මැග්නිටියුඩ් 6ක භූ කම්පනයෙන් පුද්ගලයින් 800කට පමණ ජීවිත අහිමි විය.

ඒ අනුව අද සිදුවූ භූ කම්පනය පිළිබඳවත් ලෝකයේ දැඩි අවදානයක් යොමුවෙයි.

COMMENTS