එක්දින කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට

එක්දින කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට

එක්දින කාන්තා ලෝක කුසලානය පළමු වරට තමන් සතු කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් පැය 02 ක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 298 ක් රැස් කිරීමට සමත් වුණා.

299 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3 ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 246 ක් පමණයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකක දී එක් දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩා කර තිබුණත්, එම දෙවතාවේදී ම ඔවුන් පරාජය වී තිබුණා.

COMMENTS