වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 48 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු වයස අවුරුදු‍ 23 ක් වන පල්ලියවත්ත, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනාවරණය කරගත් තොරතුරු මත වත්තල පොලිස් වසමේ ටෝනි මාවත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 797 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS