සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ හරහා අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු මෙම පනත මගින් සංශෝධනය කිරීමට යෝජිත බවය.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඊයේ (30) දිනයේදී කම්කරු උපදේශක සභාවේදී අවධානය යොමු කර තිබේ.

ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙන්ම ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය මෙන්ම වෘත්ති සමති නියෝජිතයින්ද එක්ව ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ සේවා යෝජකයින්ගෙන් අධිභාර අයකර ගැනීමේ යාන්ත්‍රණය සංකීර්ණ නොවිය යුතු බවත් ඒ හරහා කඩිනමින් අදාළ අයකිරීම් සිදුකර ගැනීමට අවස්ථාව උදා වන බවත්ය.

මේ අතර වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කර ඇත්තේ වතු සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි බවය.

COMMENTS