යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් මැගසින් 02 ක් හමුවෙයි

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයා ගෙන තිබෙනවා.
එම විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබිය දී මෙම මැගසින් හමු වී ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලක්ද හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය කෝපායි පොලිසිය දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

