ලබන වසරේ මෙරට ආර් ථික වර් ධනය ගැන IMF කියූ සුබ ආරංචිය

ලබන වසරේ මෙරට ආර් ථික වර් ධනය ගැන IMF කියූ සුබ ආරංචිය

ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1%ක් දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි මේ බව සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ ප්‍රගතියක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා පවසනවා.

මාධ්‍ය හමුවේ ඔහු තවදුරටත් පවසා ඇත්තේ පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 05% ක් වූ බවයි.

මෙම වසරේ පළමු භාගයේ දී එය 4.8%ක් බවත් ඔහු පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර 2025 වසරේ දී එය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් වර්ධනයක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

COMMENTS