17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවක් වැදීමෙන් මරුට

ඕස්ට්‍රේලියාවේ 17 හැවිරිදි වියේ පසුවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙල්බර්න්හි පැවති පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් මියගොස් තිබේ.
බෙන් ඔස්ටින් නැමති මෙම යොවුන් ක්‍රීඩකයා පසුගිය අඟහරුවාදා පුහුණුවීමවල නිරත වෙමින් සිටියදී ඔහුගේ හිසට හෝ ගෙල ප්‍රදේශයට පන්දුවක් වැදී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අවස්ථාවේ ඔහු හිස්වැස්මක් පැළඳ සිටි බවට විශ්වාස කරන බවයි.
පන්දුව වැදීමෙන් පසු බරපතල තත්ත්වයෙන් සිටි මෙම ක්‍රීඩකයා රෝහල්ගත කර තිබේ.
නමුත් මෙම ක්‍රීඩකයා ඊයේ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

