ඩෙංගු වැඩිවීමේ අවදානමක්

ඩෙංගු වැඩිවීමේ අවදානමක්

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ‌ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරනවා.

මේ වන විට දිස්ත්‍රික්ක 11ක මෙම වැඩිවීම දක්නට ලැබෙනවා.

කොළඹ ,ගම්පහ, කලුතර ගාල්ල, මාතර, මහනුවර ,කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව, යාපනය එම දිස්ත්‍රික්කයි.

මේ වසරේ ආර­ම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසා­දි­ත­යන් 41,192ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒක­කය පව­සන­වා.

තම අවට පරිසරය පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒ්කකය වැඩිදුරටත් අවධාරණය කළේ.

COMMENTS