අධිවේගී මාර්ගවල ආසන පටි පැලඳීමේ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට

අධිවේගී මාර්ගවල ආසන පටි පැලඳීමේ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට

අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්යය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්, මරණ සහ බරපතළ තුවාල සිදුවීම් අවම කිරීම පිණිස, මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්යය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

COMMENTS