නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඊයේ (26) පස්වරු 04.00 සිට අද (27) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට මෙලෙස තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරනවා.

COMMENTS