පද්මේව CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දෙසැම්බර් 02ක දක්වා දීර්ඝ කෙරේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මව ගොනුකළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ඊයේ කැඳවූවා.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ එකගතාව ඇතිවයි අදාළ ප්‍රතිඥාව දීර්ඝ කළේ.
අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02 වන දා කැඳවීමට ද නියෝග කෙරුණා.

