15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

එංගලන්තයේ ෂෙෆීල්ඩ් හිදී සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට ෂෙෆීල්ඩ් අධිකරණය පෙරේදා (22) නියම කළා.
මෙලෙස දඬුවම් නියමකර ඇත්තේ මොහොමඩ් උමාර් ඛාන් නම් තරුණයෙක්ටයි.
එංගලන්ත නීතියට අනුව ඉහල අධිකරණයක් මගින් ඔහුගේ දඬුවම ලිහිල් කිරීමට නම් අවම වශයෙන් වසර 16ක්වත් සිර දඬුවම් විඳීම අනිවාර්ය වනවා.
2025 වසරේ පෙබරවාරි 3වනදා ෂෙෆීල්ඩ් හි ඕල් සෙන්ට්ස් කතෝලික උසස් පාසලේ දිවා ආහාර විවේකයේදී හාවි විල්ගූස් නම් 15 හැවිරිදි තරුණයෙකුගේ පපුවට පිහියකින් ඇන ඝාතනය කිරීම මොහොමඩ් උමාර් ඛාන් එල්ල වී ඇති චෝදනාවයි.
ඒ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී ජූරියක් විසින් ඔහු වරදකරු බවට නිර්දේශ කළත්, එහි තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පෙරේදා (22) දිනයේදියි.
විල්ගූස් තමාව අනවශ්‍ය සමච්චලයට ලක්කිරීමෙන් ඇති වූ මානසික පීඩනය දරාගත නොහැකිව මෙම ඝාතනය කිරීමට පෙළඹුණ බවයි උමාර් ඛාන් පවසා ඇත්තේ

