වැලිගම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර් ෂණයක් අරඹයි

වැලිගම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර් ෂණයක් අරඹයි

අද (22) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි ‘එසැණ’ සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.

කණ්ඩායම් කිහිපයක් ඔස්සේ අදාළ විමර්ශන සිදු කරන බවද, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

COMMENTS