යෙවාන් ඩේවිඩ් ඉතිහාසය අලුතින් ලියයි

ශ්රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.
ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්ය.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ් ය.