පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
දෙරට අතර ක්‍රියාත්මක පැය 48ක සටන් විරාමය අවසන් වීමත් සමග පාකිස්ථානය ප්‍රහාර එල්ල කළ බවට ඇෆ්ගනිස්ථාන චෝදනා කරයි.
ඇෆ්ගනිස්ථානය ද, සිය හමුදා කඳවුරක් වෙත ප්‍රහාර එල්ල කළ බවට පාකිස්ථානය චෝදනා කළේ ය.
මේ වන විට දෙරට අතර ගැටුම් උත්සන්න වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.