තංගල්ල මුහුදු ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිතිකරු හෙළිවෙයි

තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වනවා.
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 840කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් පෙරේදා රාත්‍රියේ සිය භාරයට ගෙන තිබුණා.