පොලිස් වෛද්‍ය සේවා අංශයට වෛද්‍යවරුන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සේවා අංශය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 25 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.
මෙම බඳවා ගැනීම් සඳහා උපදේශක ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විකිරණවේදීන්, සායනික පෝෂණවේදීන්, නිර්වින්දන වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍යවරුන් ඇතුළු තනතුරු සඳහා පුරප්පාඩු පවතී.
සම්පූර්ණ නිවේදනය 2025 සැප්තැම්බර් 26 දිනැති රජයේ ගැසට් පත්‍රයේ අංක 2456හි ප්‍රකාශිත වී ඇති අතර, අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2025 ඔක්තෝබර් 27 දක්වා වේ.