ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මෙරටට රැගෙන ආපු හැටි (Photos)

ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මෙරටට රැගෙන ආපු හැටි (Photos)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (15) ප.ව. 6.52ට මෙරටට ළඟාවිය.

ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13වනදා නේපාලයේ දී අත්අඩංගුවට පත්වූහ.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාරා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇත.

එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව ඇත.

COMMENTS