ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද දිවයිනට

නේපාලයේදි අත්අඩංගුවට ගත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද(15) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් චන්දිම යන මහත්වරුන් එම පිරිස අත්අඩංගුවට ගත්තේ නේපාල ආරක්ෂක අංශ සමග එක්ව ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් ය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙනඩි බැස්ටියන් පිල්ලෙයි නොහොත් ජේ.කේ.බායි නමැත්තා, නේපාලයේ භක්තපූර් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන කළ ප්රශ්න කිරීම්වලදී ඉෂාරා සෙව්වන්දි පිළිබඳ තොරුතුරු හෙළිකර තිබේ.
ඇය නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 18 ක් පමණ දුරින් පිහිටි මහල් නිවාසයක රැඳී සිටි බවද පොලිසිය සඳහන් කළේ ය.
අනෙක් සැකකරුවන් 04 දෙනා වෙනත් ස්ථානයක සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසයි.
සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ගම්පහ සහ නුගේගොඩ පදිංචිකරුවන් ය.
පොලිසිය පැවසුවේ යාපනයේ පදිංචි යුවළක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි.
පසුගිය පෙබරවාරි 19 වැනිදා සංජීව කුමාර සමරරත්න නොහොත් ” ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කෙරුණණේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අංක 5 අධිකරණය තුළදී.
විමර්ශනවලදී අනාවරණය වුණේ, වෙඩික්කරුට ගිනි අවිය දී ඇත්තේ සැකකාර ඉෂාරා සෙව්වන්දි බවයි.
ඇය එදිනම, වෙඩික්කරු සමග පළා ගොස් තිබුණි.
ඝාතනයේ වෙඩික්කරු බව කියන සමිඳු දිල්ෂාන් නමැත්තා අත්අඩංගුවට ගැණුනේ, එදින පස්වරුවේයි.
සැකකාර ඉෂාරා සෙව්වන්දි සොයා දිවයින පුරා මෙහෙයුම් ක්රියාත්මක කෙරුණත් ඇය සොයාගැනීමට හැකි වූයේ නැහැ.
පසුව අනාවරණ වූයේ,ඉෂාරා සෙව්වන්දි, රටින් පලා ගොස් ඇති අතර, ජේ.කේ. බායි නැමැත්තා ඊට සහය දී ඇති බවයි.