බස් රථවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන්ට අද සිට දඩ

බස් රථවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන්ට අද සිට දඩ

බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්යය කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට හා ප්‍රවේශ පත්‍ර නොමැති මගීන්ටද දඩ පැනවීමට කටයුතු කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව, එම මගීන්ට රුපියල් 100 ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවන බවයි පැවසෙන්නේ.

COMMENTS