පාසල් සංවර් ධනයේදී කලාපයන්ට වෙන වෙනම සැලසුම් – අගමැති හරිනි

පාසල් සංවර් ධනයේදී කලාපයන්ට වෙන වෙනම සැලසුම් – අගමැති හරිනි

පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කලාපයට පොදු සැලසුමක් අනුව ඉදිරිපත් කරන ලෙසත්, සම්පත් නිවැරදි ව බෙදී යන පරිදි පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් සංවර්ධනය කිරීම පිළිබඳ ව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

විශේෂයෙන් පාසල් සංවර්ධනය කිරීමේදී ඉගෙනුම් පහසුකම් සහ යටිතල පහසුකම් නිසි පරිදි ලබා දෙමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය හැකි පරිදි සිදු කරන ලෙසද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන ලේකම් නාලක කළුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

COMMENTS