පැතුම්ගෙන් ඉන්දියාවට එරෙහිව සුපිරි ශතකයක්: තියුණු සටනකින් පසු ජය ඉන්දියාවට

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් තරගය ඉන්දියාව ජයගත්තේ ය.
ඒ සුපිරි පන්දුවාරයකින් අනතුරුවය.
ඩුබායිහිදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කළේ අභිෂේක් ශර්මා සමගින් ශුබ්මන් ගිල්.
ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් ලකුණු 4කට දැවී ගියේ ය.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක සූර්යකුමාර් යාදෙව් සමගින් අභිෂේක් ශර්මා දෙවැනි කඩුල්ලට පන්දු 25කින් ලකුණු 50ක සබදතාවයක් ගොඩනගන ලදි.
සූර්යකුමාර් යාදෙව් ලකුණු 12 සහ අභිෂේක් ශර්මා පන්දු 31කින් ලකුණු 61ක් රැස් කළෝ ය.
එම ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 2ක් ඇතුළත්.
සංජු සැම්සන් 6පහර 3ක්ද සමගින් ලකුණු 38ක් රැස් කළ අතර තිලක් වර්මා නොදැවී ලකුණු 49යි.
අක්සාර් පටෙල් නොදැවී ලකුණු 21ක් රැස් කරන ලදි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 202ක්.
මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව එයයි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.
කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ ය.
දෙවැනි කඩුල්ලට පැතුම් නිස්සංක සමගින් කුසල් ජනිත් පෙරේරා පන්දු 53කින් ලකුණු 127ක විශිෂ්ට සබදතාවක් ගොඩනගන ලදි.
4 පහර 8ක් සහ 6 පහරක්ද සමගින් කුසල් ජනිත් පෙරේරා ලකුණු 58ක් රැස් කළේ ය.
නායක චරිත් අසලංක සහ කමිදු මෙන්ඩිස් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමග ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිද වැටුණි.
නැවතත් පස්වැනි කඩුල්ල සදහා පැතුම් නිස්සංක සමගින් දසුන් ශානක ලකුණු 28ක සබදතාවක් ගොඩ නැගුවේ ය.
සුපිරි පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ශතකයක් රැස් කරන ලදි.
එම ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 6ක් ඇතුළත්.
ඒ අනුව ආසියානු කුසලාන 20යි 20 තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ තුන්වැනි ශතකය මෙන්ම මෙවර තරගාවලියේ පළමු ශතකය මෙයයි.
ශ්‍රී ලංකා 20යි 20 තරගාවලි ඉතිහාසයේ පිතිකරුවකු රැස් කළ සිව්වන ශතකයද මෙය වේ.
ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළ දුන් දසුන් ශානක නොදැවී පන්දු 11කින් රැස් කළ ලකුණු 22ක් රැස් කරන ලදි.
ඊට 4 පහර 2ක් සහ 6 පහරක් ඇතුලත්.
ජනිත් ලියනගේ නොදැවී ලකුණු 2යි.
තරගයේ අවසන් පන්දුව දක්වාම උණුසුම් වූ මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 202ක් රැස් කලේ තරගාවලියේ ප්‍රභල ස්ථානයක පසු වන ඉන්දීය කණ්ඩායමට ප්‍රභල අභියේගයක් ලබා දෙමිනි.
ඒ අනුව තරගායේ ජයග්‍රාහකයින් තේරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කිරීමට සිදු වුණි
එහිදී සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 2ක් රැස් කරන ලදි.
එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමසුපිරි පන්දුවාරයේ පළමු පන්දුවේදීම ලකුණු 3ක් රැස් කරමින් තරගය ජයගත්හ.