ජනපති අද ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා, ජපන් අධිරාජ්‍යයා හමුවීමට ද නියමිතය.
ජපන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක් ද පවත්වනු ඇත.
ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමතීමට නියමිතව තිබේ.
2025 එස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස, ” එස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ආර්ථික හැකියාවන් විදහා දැක්වීමය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරය තුළ ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ද අමතනු ඇත.
ඇමරිකානු සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ,ජපානය බලා පිටත්ව ගියා.
ඇමරිකානු හා ජපාන සංචාරයක ආරම්භ කරමින් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය සඳුදා රාත්‍රියේය.