ගාසා තීරයේ සාම ගිවිසුම කඩිනම් කරන බව ට්‍රම්ප් පවසයි

ගාසා තීරයේ සාම ගිවිසුම කඩිනම් කරන බව ට්‍රම්ප් පවසයි

ගාසා තීරය පිළිබඳ සාම ගිවිසුමකට කඩිනමින් එළැඹෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉන් හමාස් සංවිධානය විසින් රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නැවත මුදා හැරෙන බවයි.

මේ අතර ගාසා තීරය පිළිබඳව මැද පෙරදිග රටවල් සමඟ ඔහු සාකච්ඡා සිදුකළ අතර තවදුරටත් අඛණ්ඩව එම සාකච්ඡා සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් පැවසුවේ එම සාකච්ඡා අතරතුර කරුණු 21 කින් යුත් මැද පෙරදිග සාම සැලැස්මකට ඇතුළත් යෝජනා ට්‍රම්ප් ජනපති විසින් ඉදිරිපත් කළ බවයි.

COMMENTS