කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන්න විපක්ෂය සැරසෙයි

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන්න විපක්ෂය සැරසෙයි

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ බව සඳහන් කළේය.

වර්තමාන කථානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධුරය දැරීමටද සුදුසු නොමැති පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ කථානායකවරයා විශ්වසභංගය භාරදීම ප්‍රතික්ෂේප කරන බවට හේතු සඳහන් නොකර එය ප්‍රතික්ෂේප කළ බවය.

COMMENTS