වසර 50කට පසු නැවත සඳ තරණයට නාසා සූදානමින්

වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය සඳහන් කරනවා.
චන්ද්‍ර ගවේෂණයට වසර 50ක් ගතවී ඇති නිසා නාසා ආයතනය මෙලෙස ගගනගාමීන් හතර දෙනෙකු යවා නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
නාසා හි වැඩබලන නියෝජ්‍ය සහකාර පරිපාලක ලකීෂා හෝකින්ස් පවසා ඇත්තේ මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.
ආටිමිස් II නමින් හැඳින්වෙන මෙම මෙහෙයුමේදී ගමන් කරනු ලබන ගගනගාමීන් සිව්දෙනා දින දහයක සංචාරයකින් පසු නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.
මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ චන්ද්‍ර ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි

