රටේ ජනතාව පොහොසත් වීම කෙසේ වෙතත් 159 දෙනා නම් පොහොසත් වෙලා – නාමල්

රටේ ජනතාව පොහොසත් වීම කෙසේ වෙතත් 159 දෙනා නම් පොහොසත් වෙලා – නාමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වන විට, පෙර සිටි පාලකයින්ටම චෝදනා කරමින් සිටීම සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පොරොන්දු රැසක් ලබාදී බලයට පැමිණි ආණ්ඩුව, වසරක් ගත වන විට ඉටු කර ඇති පොරොන්දු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇද්ද යන්න ගැටලුවක් මතුවන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

වත්මන් රජය බලයට පැමිණියේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් සෑදීමට බවද, රටේ ජනතාව පොහොසත් වීම කෙසේ වුවද, ආණ්ඩුවේ සිටින 159 දෙනා පොහොසත් වූ කතාව පසුගිය දිනවල පෙන්නුම් කළ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

වසර 70 ක සාපයක් තුළ කෝටිපතියන් වීමට නොහැකි වූයේ නම්, ගත වූ වසරක කාලය තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ගැටලුවක් මතුවන බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

COMMENTS