ඇල්ල බස් අනතුරට හේතුව

ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් වන අවසන් වාර්තාවෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අදාළ බස් රථයේ රියදුරු විවේකයකින් තොරව පැය 30 ක් පමණ ධාවනය කර ඇති බවත්, බස් රථයේ තිරිංග හා නඩත්තුවේ ද ගැටලු ගණනාවක් තිබී ඇති බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

