සියලු දෙනාම එකතු කරගෙන මට ඕනේ, නාමල්ගේ අනාගතය හදන්න – රෝහිත

තමාට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනාගතය සකස් කිරීමට සියලු දෙනාම එකතු කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
පක්ෂය හැර ගිය සියල්ලන්ම යළි පක්ෂයට එක්වීම මඟින් අනාගතය සුභවාදී වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමා කිසිදු දිනක තනතුරු බලාපොරොත්තුවෙන් වැඩ කටයුතු නොකළ බවත්, තනතුරු තමා සොයා පැමිණි බවත්, තමාට වැඩක් භාරදුන් විට තමා එය ‘හරියටම කරන’ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

