සිංහයන්ගේ සිහිනය බොඳ වෙයි

සිංහයන්ගේ සිහිනය බොඳ වෙයි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා .

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පළමුව පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමටයි සමත් වුණේ.

දසුන් ශානක පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කළා.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිස්සංක ලකුණු 22ක් ලබා ගත්තා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය තරගය පැවැත්වුණේ.
ලකුණු 169ක ඉලක්කය හඹා යාමට පැමිණි බංග්ලාදේශය එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ කඩුලු 6ක් බිඳවැටී ඇති අවස්ථාවකයි.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 61ක් , මැදපෙළ පිතිකරු තව්හිද් රිදෝයි ලකුණු 58ක් රැස්කිරීමට සමත් වුණා.

වනිඳු හසරංග හා දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගත්තත් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

COMMENTS