සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට

සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද ( 20) සිට 27 දක්වා පැවැත්වෙනවා.

එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පානදුර වෙරළ තීරයේදී ආරම්භ කෙරෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද මෙයට සහභාගී වීමට නියමිතයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම සතිය පුරා ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

COMMENTS