සිංහයන්ට සුපිරි ජයක් – ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා .
‘බී’ කාණ්ඩයේ තරග අවසන් කරමින් අබුඩාබි හිදී ඊයේ (18) පස්වරුවේ පැවති තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමටයි ශ්‍රීලංකා කණ්ඩායම සමත් වුණේ .
මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 170ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවුණා .
එහිදී අනගි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කළ අතර පන්දු 52කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් .
ඔහුට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් නොදැවී ලකුණු 26ක්ද, කුසල් පෙරේරා පන්දු 20කින් ලකුණු 28ක්ද රැස්කිරීමට සමත් වී තිබුණා .
කෙසේ නමුත් ලකුණු 170ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකාව තරගයේ 13වන පන්දුවාරයේදී ලකුණු 101 සීමාව පසුකරයෑමත් සමග සුපිරි 4 වටයට පිවිසියා .
ඇෆ්ගනිස්තානය ලැබූ මෙම පරාජයත් සමග ඔවුන් තරගාවලියෙන් ඉවත්ව වූ අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවා .