විදුලි සේවකයින් අදත් අකුරට වැඩ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.
එදින සිට ලබන 24 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්ර කෙරෙන බවද විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පී සංගමයේ සභාපති කෝසල අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.