රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට

රත්‍රං බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු සතුව තිබුණු කැරට් 24 රන් බිස්කට් 40 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එහි මුළු බර ග්‍රෑම් 550 ක් වන බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 20 ක් බවත් සඳහන්.
අදාළ සැකකරු ගුවන්තොටුපොළේ රාජකාරි කරමින් සිටින අතර මෙම රත්රන් තොගය රහසිගතව ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.