වාහන පැහැරගෙන යාමට ලීසිං සමාගම්වලට බලයක් නෑ – අධිකරණයෙන් තීන්දුවක්

වාහන පැහැරගෙන යාමට ලීසිං සමාගම්වලට බලයක් නෑ – අධිකරණයෙන් තීන්දුවක්

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

කල්බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක වුවත්, වාහනයක් පැහැර ගැනීමට කල්බදු සමාගමකට කිසිදු නීතිමය බලයක් නොමැති බවයි එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබෙන්නේ.

යම් පුද්ගලයෙක් කල්බදු වාරික ගෙවීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳව දිසා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවද අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

COMMENTS