Update:-ජල කප්පාදුව අවලංගුයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ බව දැනුම් දී තිබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.
නමුත් පසුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පහත සඳහන් ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට තිබු ජල කප්පාදුව සිදු නොවන බවය.
ජල සැපයුම අත්හිටු වීම සිදු නොවන ප්‍රදේශ :
*කොළඹ 01 සිට 15 දක්වා
- බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව.
අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
අදාළ නිවේදනය පහතින්,
