කොලොන්නාව තෙල් ගබඩා සංකීර් ණයේ නව ටැංකි 06 ක් ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

කොලොන්නාව තෙල් ගබඩා සංකීර් ණයේ නව ටැංකි 06 ක් ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ටැංකි 06 ක ඉදිකිරීම් ආරම්භ කිරීම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

රට තුළ තෙල් සංචිත ධාරිතාව ඉහළ දැමීම සඳහා මෙම තෙල් ටැංකි ඉදිකරන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කර සිටියේ.

මෙහි ඝන මීටර 15,000 ක ටැංකි 03 ක්, ඝන මීටර 7000 ටැංකි 02 ක් සහ ඝන මීටර 5000 ටැංකියක් ඉදි කිරීමට නියමිත බවද, එවිට ඝන මීටර 64,000 ක ධාරිතාවක් වැඩිපුර එකතුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

COMMENTS