ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල

තවත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක් එලෙස සයිබර් අපරාධ සඳහා යොදවා ඇති බව එම අමාතයංශය පැවසුවේ ය.
මියන්මාරයේ තායිලන්ත දේශසීමාවේ පිහිටා ඇති එම ප්‍රදේශය ගූගල් සිතියමේ හදුන්වා ඇත්තේ සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙසය.
මියන්මාරයේ මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටා ඇති එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම පවතින්නේ ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ ය.
මීට පෙරද එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් මුදාගැනුනා.
පරිගනක ක්ෂේත්‍රයේ රැකියා ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එලෙස විදෙස් ගතවී ඇත්තේ, සංචාරක වීසා මගින්ය.