අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් දීමනාව හෙට බැංකු ගිණුමට

2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
රුපියල් 11,201,647,000 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට හෙට (12) සිට තමන්ට හිමි අස්වැසුම දීමනාව තමන්ගේ බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.