නාමල් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලා වටගලට එරෙහිව එන්තරවාසියක්

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
නාමල් රාජපක්ෂට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කරනු ලැබූ අපහාසාත්මක සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් නිසා නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුවී ඇති බව පවසමින්, රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කිරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කර සිටියේ.
දින 14ක් තුළ අදාළ මුදල ගෙවන ලෙසත්, එසේ නොමැති නම් නඩු පවරන බවත් අදාළ එන්තරවාසිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.